විද්‍යාව ආගමක්ද?

.



මෑතකදී මා සමග අන්තර්ජාල සංවාදයකට පැමිණි පුද්ගලයෙක්ගෙන් ඔහුගේ අනන්‍යතාවය ගැන ප්‍රශ්න කරන විට තමන්ගේ දහම විද්‍යාව බව ප්‍රකාශ කරන ලදී. ඔහු තම දහම විද්‍යාව ලෙස සඳහන් කර තිබුණද ඔහුගේ ප්‍රතිචාරයන් සම්පූර්ණයෙන් බරව තිබුණේ බුදු දහම දෙසටයි.



අන්තර් ජාලය තුලදී මෙවැනි බොහෝ දෙනෙක් මා දැක තිබේ. ඔවුන් සිය දහම විද්‍යාව බව සඳහන් කළද  ලිපි වල අන්තර්ගත අදහස් ඇත්තේ බුදු දහමට පක්ෂවයි. කාලයක් අන්තර්ජාලයේ මඩ කරත්තයක් වශයෙන් සිටි පෙරමුණේ රාළ නම් බ්ලොග් කරුවාද තම දහම වශයෙන් හැඳින්වුයේ විද්‍යාවයි. නමුත් ඔහු විසින් ලියන ලද ලිපි සියල්ලම පාහේ බුදු දහම උසස් කරමින් ඉස්ලාම් දහම පහත් කළ ඒවාය. මොවුන් මෙසේ තම දහම විද්‍යාව ලෙස හඳුන්වමින් විද්‍යාව දෙසට ඇදෙන්නේ එසේ නොකර බුදු දහම යැයි සඳහන් කළහොත් මා විසින් බුදු දහමේ ඇති අවිද්‍යාත්මක කරුණු පතුරු ගසනු ඇති බැව් ඔවුන්ට සිතුණු නිසා විය හැක. එ‍සේ නැත්නම් මේ විද්‍යා දහම් කාරයන්ට බොදුනුවන්ටවත් නැති කැක්කුමක් බුදු දහම කෙරේ ඇයි? ඇත්තටම මොවුන් වෙන කවුරුන් වත් නොව අන්තර්ජාලයේ බිහිවී සිටින සිංහල බසින් ක්‍රියාත්මක වන ආගමික අන්තවාදීන්ය.



මා විසින් ඉහත කළ ප්‍රකාශය බුදු දහමට එරෙහි එකක් බවට වරදවා වටහා ගන්නට අවශ්‍ය නැත. සිංහල බෞද්ධ සමාජය තුල මෙවැනි අන්තවාදීන් සිටින්නේ ඉතාමත් සුළුතරයකි. නමුත් පසුගිය කාලයේ ඔවුන් අන්තර්ජාලය තුල මහා හඩක් ගෙන ගියේ ඇත්තටම මුස්ලිම් වරුන්ට එරෙහි මහා බලවේගයක් ලෙසයි. නමුත් දැන් එය පුස් වෙඩිල්ලක් වී හමාරය. ඒ ඔවුන්ගේ වෑයම් ලත් තැනම ලොප් කිරීමට අපට හැකි වු නිසාය. බහුතර සිංහල ජනතාව ජාතිබේධ හෝ ආගම්බේධ නැති ජන කොටසකි. වසර දහසකටත් වඩා කාලයක් මේ ලක්බිම සිංහල මුස්ලිම් සංහිදියාවක් පැවතුනේ එහෙයිනි. ඇත්තටම අප බේධ බින්න වීම ඇරඹුනේ යටත් විජිත යුගයෙන් පසු නොවේද? මාතෘකාවෙන් පිටතට මදක් යාම පිළිබදව සමාව අයදිමි.



ඉංග්‍රීසි බසින් Religion යන වචනය සෑදී තිබෙන්නේ ලතින් බසින් Religia නම් වදනයෙනි. එහි අරුත දෙවියන් සමග සම්බන්ධතාවයයි. නමුත් අප ආගම යන වචනය සිංහල බසින් අර්ථ ගන්වන කල ඇදහීම, ලබ්ධිය, අවබෝධය, ශාස්ත්‍රය, පාරම්පරික විශ්වාසය, ශාස්තෘ වදන්, පෙළ දහම, තන්ත්‍රය, තාන්ත්‍රික කෘතිය, පැමිණීම, සම්ප්‍රාප්තිය යන වචන යොදා ගත හැක. නමුත් මේ වචන වලින් ඉතාම වැදගත්, අර්ථාන්විත වචනයන් ලෙස ඇදහීම හෝ විශ්වාසය ලෙස ගැනීම මෙතැනදී වඩා සාධාරණ වනු ඇතැයි සිතුණි. එයට හේතුව ඇදහීම හෙවත් ආගමික විශ්වාසයන් යනු මිනිසාගේ ලෞකික හා ලෝකෝත්තර විමුක්ති මාර්ගය ලෙස භාවිතයට පත්ව ඇති බව පිළිගන්නට සිදුවීමයි. ඉහත දක්වන ලද වචන වලින් වැඩි හරියක ඇත්තෙත් ඇදහීම හෝ ඊට සබඳතාවක් ඇති අර්ථ නිරූපණයක් බව ද පෙනේ.



දැන් අපි විද්‍යාව යනු කුමක්දැයි මදක් සොයා බලමු. මෙහිදී Religion යන වචනය සේම Science නම් වචනයද ඉංග්‍රීසි බසට පැමිණ ‍තිබෙන්නේ ලතින් බසින් බැව් පලමුව කිව යුතුය. ලතින් බසින් Scientia සයන්ටිආ යන වචනයෙන් Science සයන්ස් යන වචනය බිහි වී ඇත. එම වදනයෙහි අරුථ දැනුම යන්නයි. සයන්ස් හෙවත් විද්‍යාව යනු මේ විශ්වය කෙසේ ක්‍රියා කරන්නේද? යන්න පැවසීමයි. එසේත් නැත්නම් විශ්වය පිලිබදව කරන ගවේශණයෙන් ලබාගන්නා දැනුමයි. මෙහිදී දැනුම මගින් විශ්වාසයක් ගොඩ නැගෙන නිසා විද්‍යාව යනුද ආගමක් බවට කෙනෙකුට තර්ක කළ හැක. නමුත් මගේ අදහස නම්  දහමකට තිබිය යුතු බොහෝ ලක්ෂණ විද්‍යාවට නොමැති බවයි.



දහමක් අදහන්නන් විසින් මෙලොව ආරම්භය සහ එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධ සියළු ක්‍රියාකාරකම් මත බලපවත්නේ තම දහමින් පවසන්නාවු ක්‍රියාවලිය බවට විශ්වාස කරයි. එම විශ්වාසය මත පදනම්ව ඔවුන් විසින් තම දහමේ පෙන්වන ආකාරයටම දිවිමග සකස් කර ගැන්මට උත්සාහ දරයි. පොදුවේ ඔවුන් සැමගේ උත්සාහය ලෞකික ජීවිතයේ ක්‍රියාකාරකම් තුලින් ලෝකෝත්තර සැපතක් සෙවීමයි. නමුත් යමෙක් විද්‍යාව දහමක් ලෙස අදහන්නේ නම් එතැන ලෝකෝත්තර සැපතක් ගැන බලාපොරොත්තු තැබිය නොහැක. එයට හේතුව ලෝකෝත්තර කිසිවක් ගැන විද්‍යාව මේ වන තුරු කිසිදු පර්යේෂනයක් පවත්වා නොමැති නිසාවෙනි.



එමෙන්ම විද්‍යාව තුල දහමක මෙන් මිනිසාට කිසියම් පිහිටක් ආධාරයක් ලබා ගැනීමට කිසිදු බලවේගයක් නොමැත. ඇත්ත වශයෙන්ම විද්‍යාව එවැනි ඇදහිලි මිථ්‍යාවන් ලෙස බැහැර කරති. කෙසේ හෝ වේවා පිහිටාධාර නොසෙවීම නිසාද විද්‍යාව දහමක් නොවන බවට සාධක පෙන්වයි.

 Anver Manatunga

0 comments :

Post a Comment