චන්ද්‍රයෙහි ඇතිවූ පැල්ම!

.



මෙම රූපය තුළින් දිස්වන්නේ ‘Belt of Rocks’ චන්ද්‍රයාගේ බෙදුනු ස්ථානයයි. මෙය චන්ද්‍රයෙහි ඇති වී තිබෙන බෙදීම වේ. එවකට මක්කාවෙහි නබි (සල්) තුමන්ව ප‍්‍රතික්‍ෂෙප කරමින් සිටියවුන් පැමිණ ඔබ සත්‍යවූ ශාස්තෘවරයකු නම් චන්ද්‍රයා දෙකට බෙදා පෙන්වන්න, ඔබ එසේ කළේ නම් අපි ඔබව ශාස්තෘවරයකු වශයෙන් පිළිගන්නෙමු යනුවෙන් ඔවුන් පැවසූහ. එදින පුරහඳ පෑයූ දිනයක් විය එකී කාරණය ඉටු වීම සඳහා මුහම්මද් (සල්) තුමන් අල්ලාහ් යැදීය, එම යැදීම සර්ව බලධාරි අල්ලාහ් පිළිගත්තේය. ඒ සැනින්ම මහා හාස්කමක් සිදුවිය. එනම් චන්ද්‍රයා කොටස් දෙකකට බෙදී වෙන්විය එයින් එක් කොටසක් ”සෆා ”පර්වතයට ඉහලින් හා අනිත් කොටස ”කායිකන්” පර්වතයට ඉහළින් ද දිස්විය එනමුත් පසුව එම ප‍්‍රතික්‍ෂෙපකයින් මෙය මුහම්ද්ගේ හූණියමක්, මුහම්මද් අපට කෙසේ හෝ මායාවක් පාන්නට ඇත යනුවෙන් පැවසූහ. නමුත් මෙම හූණියම ලෝකයේ සිටින සියළු අය ඉදිරියේ ඵල රහිතය, ගම් වැසියන් එන තෙක් අපි ඉවසා සිටිමු ඔවුන්ගෙන් මේ පිළිබඳ විමසා බලමු, එවිට ඔවුන්ද එය දිස්වූයේ නම් අපි එයි පිළිගමු එසේ නොවූවොත් එය මුහම්මද්ගේ හුදු මායාවක් පමණි යනුවෙන් අබූ ජහ්ල් පැවසූවේය. ගම්වැසියන් පැමිණ ඔවුන්ද එය දුටු බව සනාථ කළ විට පවා මක්කා ප‍්‍රතික්‍ෂෙපකයින් ”මුහම්මද්ගේ හූණියම කෙතරම් බලවත්ද” යනුවෙන් පමණයි පැවසුවේ.

පසුව අල්ලාහ් ”අල්කමර් ” (චන්ද්‍රයා) නම් පරිච්ඡේදය අනාවරණය කළේය “අවසන් දිනය ළං විය, චන්ද්‍රයාද පැලී වෙන්විය, නමුත් ඔවුන් යම් හාස්කමක් දුටු විට (එය) ප‍්‍රතික්‍ෂෙප කරති. සෑම විටම සිදුවන්නාක් මෙන් මෙය ද (තවත් එක්) හුණියමක් වේ යනුවෙන්ද ඔවුන් කියති. නියත වශයෙන්ම අවවාද කරන බොහෝ පුවත් ඔවුන්ට පැමිණ ඇත” (ශුද්ධවූ අල්කුර්ආනය 54: 1- 4). මෙය නබි (සල්) තුමන්ගේ ජීවිත සමයේ සිදුවූ ප‍්‍රාතිහාර්යයකි.

Dr. Zaghlool Al-Najaar’s වරක් තම දේශණයකදී, බි‍්‍රතාන්‍ය විශ්ව විද්‍යාල අතුරින් එක් විශ්ව විද්‍යාලයක් මෙම මතය දරයි, චන්ද්‍රයාහි ඇති වී තිබෙන පැලීම මෑතකදී තහවුරු කළ බව ඉස්ලාම් දහම කෙරෙහි බොහෝ ඇල්මක් දක්වන ”දාවූද් මූසා” මොහු බි‍්‍රතාන්‍යයෙහි ඇති මුස්ලිම් පෙරමුණේ වත්මන් නායකයා වශයෙන් හා එහි නුදුරේදි පැවැත්වීමට නියමිත මැතිවරණයේ ඉස්ලාමීය ධජය යටතේ තරඟ කිරීමටද තීරණය කරමින් සිටි. බටහිර ලෝකය තුළ ඉතා සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වන දහම ඉස්ලාම් යනුවෙන් ද ඔහු කියයි. ඔහුගේ මෙම වෙනසට පෙර ආගම් පිළිබඳ අධ්‍යයනය කරමින් සිටී අවදියේ ඔහුගේ මිත‍්‍රයා ශුද්ධවූ අල්කුර්ආනයේ ඉංග‍්‍රීසි පරිවර්තනයක් ඔහුට පිරිනැමුවේය. අල්කුර්ආනය විවෘත කර එය කියවන විට අල්කමර් (චන්ද්‍රයා) පරිච්ඡේදය ඔහු කියවුවේය ”අවසන් දිනය ළං විය චන්ද්‍රයාද පැළුනි මෙය නෙත ගැටුනු විගසම ඔහු ශුද්ධවූ අල්කුර්ආනය පසක දැමුවේය.

ඉනික්බිතිව එක් දවසක් ඔහු අහම්බෙන් BBC නාලිකාවෙහි විකාශය වෙමින් තිබුනු වැඩසටහනක් නරඹන්නට විය. එය විද්‍යාඥයන් තිදෙනෙකු සමග වූ පිළිසඳරකි, එම පිළිසඳර පවත්වන්නා, අභ්‍යවකාශ ඉදිරි සැලැස්මට බිලියන් ගණන් මුදල් වැය කිරීම පිළිබඳව ඇමෙරිකාව විවේචනය කරන්නට විය. ලෝකයේ ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව දිළින්දන් වශයෙන් කල් ගෙවති, විද්‍යාඥයින් අභ්‍යවකාශ ගවේශණයේ වැදගත්කම පිළිබඳ කරුණු ගෙනහැර පෑමේ ප‍්‍රයත්නයක යෙදී සිටියහ.

මෑත කාලයේ විශාල මුදල් සම්භාරයක් වැය කරමින් සිදුකළ අභ්‍යවකාශ ගමන පිළිබඳ සාකච්ඡා කරමින් සිටියේය. එම ගමනට බිලියන් 100 ක් වැය විය. හුදෙක්ම ඇමෙරිකානු ධජය හඳෙහි සිටවන්නද මෙතරම් මුදල් කන්දරාවක් වැය කළේ ද යන්න ඔහු ප‍්‍රශ්න කළේය. එයට විද්‍යාඥයින් චන්ද්‍රයාගේ අභ්‍යන්තර හැඩය අධ්‍යයනය කිරීමෙන් එය පෘථිවියට සමානකමක් දක්වයි, ‘Belt of Rocks’ (චන්ද්‍රයාගේ පැළුනු) තීරුව සොයාගැනීමෙන් අනතුරුව ඔවුන් විස්මිතවූවා. එය චන්ද්‍රයාගේ මතු පිට සිට සෘජුවම අභ්‍යන්තර පත්ල දක්වාම ඇත. කුතුහලය දණවන කරුණ නම් ඔවුන් ගෙනහැර දැක්වූ තොරතුරු ඔවුන්ගේ භූ විද්‍යාඥයින්ව පවා විශ්මයට පත්කළ බව පවසමින් ඔවුන් සමාප්ත කළේය.

මෙය නරඹමින් සිටී ”දාවූද් මූසා” තම ආසනයෙන් පැන කෑ ගැසුවා, මෙය මුහම්මද් (සල්) තුමන්ගේ ආශ්චර්්‍යයකි. අවුරුදු 1400 කට පෙර සිදුවූ ප‍්‍රාතිහාර්්‍යය ඔප්පු කිරීමට ඇමෙරිකානු විද්‍යාඥයින්ට බිලියන් ගණන් මුදල් වියදම් කරන්නට සිදුවිය. නමුත් විශ්ව හිමියන්ගේ පුස්තකය එය ශත වර්ෂ 14 කට පෙරම සඳහන් කරන ඇත. සැබවින්ම සත්‍යයවූ එකම දහම ඉස්ලාම් බව මුස්ලිම්වරුන් ඉදිරියේ දැඩි විශ්වාසයකින් යුතුව ඔහු පවසයි. මුලින් කුමන අල්කමර් (චන්ද්‍රයා) පරිච්ඡේදය ඔහු ඉස්ලාම් දහම ප‍්‍රතික්ෂේප කිරීමට හේතුවූවාද යළිත් වරක් එම පරිච්ඡේදයම ඔහු ඉස්ලාම් දහම වැළඳ ගැනීමට හේතු සාධක විය.

ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ සඳහන් වෙයි: “කවුරුන් අල්ලාහ් නිවැරදි මාවත ඔස්සේ යොමු කිරීමට සිතයිද ඔහුගේ සිත ඉස්ලාම් වෙනුවෙන් පුළුල්කරයි.” (ශු අල්කුර්ආනය 6: 125).



කතුවරයාඉබ්නු යූසුප් on 19th May 2012

0 comments :

Post a Comment