මිනිසා මැවීමේ පරමාර්ථය?

.
මිනිසා මැවීමේ පරමාර්ථය?


මන්ද ඔබ මොහොතකට ඔබ පිළිබඳ ස්වයං පරීක‍ෂණයක නොයෙදෙන්නෙ? ඔබට හැෙඟනවාද මේ ගෙවන්නාවූ ජීවිතය සදාතනිකයි කියා? ඔබ වටා ඉන්න හිත මිතුරන්, ඥාතීන් ඔබට නියමිත මරණය වළක්වයි කියා හෝ, ඔබේ මරණින් පසු පිහිට වෙයි කියා හෝ ඔබ සිතනවාද? ඔබ බොහෝ ලැදිව සුරැකී ඔබේ මිළ මුදල් ඔබට නියත මරණය වළක්වයි කියා, මරණින් පසු සරණවෙයි කියා ඔබ සිතනවාද? ඔබ සෑහෙන මුදල් කන්දරාවක් වැයකර ඉදිකළ ඔබේ නිවසෙහි, මාළිගාවෙහි ඔබව භුමිදාන කරයි කියා ඔබ සිතනවාද? මෙලොව පවතින්නාවූ භාග්‍යන් සදාතනිකයි කියා ඔබට හැෙඟනවාද? ඔබ මෙලොවින් සමුගැනීමෙන් පසු ඔබේ බිරිඳ, දුදරුවන්, හා ඥාතීන් ඔබ පිළිබඳවම තැවුලෙන් පසුවී ලෙකීක කටයුතු අමතක කරයි කියා ඔබ සිතනවාද? ඔබේ හෙට පිළිබඳ ස්ථීර විශ්වාසයක් ඔබට තබාගත හැකිද? මෙම ජීවිතය සදාතනික නොවූ, තාවකාලික වූ පැවැත්මක් පමණයි.

මෙලොව ඔබ හා පවතින සියල්ල ඔබට තාවකාලිකය, ඔබේ දෙමව්පියන් විය හැක, ඔබේ බිරිඳ විය හැක, ඔබේ දුදරුවන්, හිත මිතුරන් විය හැක ඔබේ දේපළ සම්පත් විය හැක මේ සියල්ල අස්ථීරයි. දිනක මේ සියල්ලෙන් වෙන්වී ඔබ යා යුතුයි. ඔබේ මේ ජීවිතය අස්ථීර කියන බව ඔබට ඉර හඳ මෙන් විශ්වාසයි නම්, මේ ජීවිතය කෙසේ සත්‍ය වියහැක්කේ` අස්ථීර දෙයක් කිසිසේත්ම සත්‍යවන්නට බැරිය.

මෙලොවට අවතීර්ණවූ අවසන් ශාස්තෘරවයා අලංකාර උපමාවකින් මෙය පැහැදිළි කළහ. මිනිසා මාගේ වස්තුව මාගේ වස්තුව යනුවෙන් කියයි. එවිට ඔහුට කියනු ලබයි නුඹට අයිතිවන්නේ, නුඹ අනුභව කළදේත්, නුඹ ඇඳපු දේත්, නුඹ කල දන් පින් පමණයි. තවත් වරක්, කෙනෙකුගේ දේහයත් සමග ත්‍රිත්ව විෂයන් ගමන් කරයි, එයින් ද්විත්වය යළි හැරි එනු ඇත. එකක් පමණක් ඔහු සමග රැෙඳයි, යළි හැරි එන ද්විත්වය නම් ඔහුගේ මිළ මුදල් හා ඥාතීන් වේ, ඔහුත් සමග සිටින්නේ (අල්ලාහ්ට අවනතවී) ඔහු කළ යහපත් කි්‍රයාවන් වේ. යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. මේ පිළිබඳ ඔබට විකල්ප මත ඇති වීමට හැක. එසේවූවත් මේ නොවේද සත්‍ය? මිනිසා මෙලොව සෑම වැඩක්ම (යහපත්, අයහපත්) කරන්නේ මිළ මුදල් උපයන්නට, නැතහොත් බිරිඳ දුදරුවන් සතුටු කරවන්නට නමුත් අවසානයේදි මේ කිසි දෙයක් ඔහුට සරණවන්නේ නැත.

ඔබේ මේ පවතින්නාවූ ජීවිතය පිළිබඳ මනා වැටහීමකින් ඔබ පසුවෙනවාද? ඔබ පැමිණුනු ගමන් මාවත දෙස මොහොතකට හැරි බලන්න. ඔබ කවුරුන්දැයි අවබෝධ නොකරගත් විට ඔබ මං මුළාවනු ඇත. ඔබ ජීවිතයේ ගන්නා තීරණයන් අර්ථ සූන්‍ය වනු ඇත. ඔබගේ ගමන් මාවත වෙනස්වනු ඇත. වත්මන් යුගයද මෙයට සාක‍ෂි දරයි. විද්‍යාව, තාක‍ෂණය මුදුන් පෙත්තටම සේන්දුවූ වකවාණුවක අපි කල්ගෙවමු. නමුත් මිනිසාගේ තවත් කඩක් බලන විට මෙවන් දියුණු යුගයක මිනිස්කම අන්තයටම පිරිහිගොස්ය. දවසින් දවස වාර්තාවන පුවත් ඉතා භයානක හා මිලේච්ජය. මිනිස් හදවතක් ඇති කෙනෙකු මෙසේ කරයිද කියා සිතාගන්නට බැරිතරම් පුවත් දිනෙන් දින වාර්තාවෙමින් පවති.

දවසින් දවස මිනිස් ඝාතන, කාන්තා අතවර, කොල්ලකෑම ලියලයි, තවත් කඩකින් මේ මහත් අපරාධයන් සිදුවීමට පිටුවහලක් වන අසභ්‍ය චිත්‍ර පට, සුරා සැල්, මත් ද්‍රව්‍යන් ඉතා සීග්‍ර ලෙස පැතිරෙමින් පවති. මෙම සමාජ පරිහානියට විද්‍යාව හා තාක‍ෂණය අභිමුව කිසිදු නිසි විසඳුමක් නැත. පාලක පන්තිය විසින් කෙතරම් ද~ුවම් පැනවූවත් අපරාධයන් දළුලනවා මිස ක‍ෂ්යවීමක් නැත. එසේනම් මෙයත් එයට සම්පූර්ණ විසදුම නොවේ මේ සියල්ලට හේතුවූ කාරණා මිනිසා විසින් අධ්‍යයනය කිරීම අතපසුකොට ඇත. මෙම පරිහානියට තාවකාලික විසදුම් සොයනවා මිස මෙම පරිහානියට මුල්වූ හේතු කාරණා පිළිබඳ සෙවීමට කව්රුත් අදි මදිකමක් දක්වයි.

මෙම සියළු පැනයන්ට පිළිතුරු හා විසඳුම පවතින්නේ මිනිසා, මා මවනු ලැබූවේ ඇයි?, මා මෙම ජීවිත කාලය තුළ කළ යුත්තේ කුමක්ද? මාගේ නිර්මාතෘවරයා විසින් මට මග පෙන්වීමක් ලැබි තිබේද? මා යහපත් ජීවිතයක් ගතකළ විට මට ලැඛෙන ප්‍රසාදයන් මොනවාද? මේ ප්‍රශ්නවලට විසඳුම් සොයනතෙක් මෙම අගාධයෙන් මිනිසාට ගොඩ එන්නට බැරිය.

මිනිසාගේ ආරම්භය පිළිබඳ වැරදි මතයන්, ඔහුගේ ජීවිතයේ වැදගත් අරමුණු සාක්ෂාත් කරගැනීමට ඉමහත් බාධකයක් වෙනවාට කිසිදු සැකයක් නැත.

ඉස්ලාම් තුළ මිනිස් චරිතයට හිමි වැදගත් ස්ථානය :

සමාජ අධ්‍යයනය විද්වතුන් මිනිසා සමාජ සත්වයෙකු ලෙසිනුත් :ිදජස්ක ්බසප්ක- හිනාවෙන කල්පනා කරන සත්වයෙකු ලෙසිනුත් හැඳින්වූහ. මානව වර්ගයාගේ අරමුණු යම් දුරකට හෝ හඳුනාගත් විද්වතුන් :අදරියසචචසබට ්බසප්ක- නැමදුම් සත්වයා යනුවෙන් හැඳින්වූහ.

ඩාර්වින්ගේ පරිණාම වාදය මිනිසා වානරයාගෙන් පැමිණී බව කියයි. මිනිස් ආත්මය, මිනිසාට හිමි උසස් ස්ථානය, නිගාවට ලක් කෙරෙන මෙම සංකල්පය ඉදිරියේ පැන නැගෙන ගැටළු අනන්තය. දේවත්වය ප්‍රතිෙක‍ෂ්ප කිරීමට මෙම සංකල්පය ඉවහල් වීම නිසා සමහරුන් මෙයට පුළුල් ප්‍රචාරයක් ලබාදෙති. මෙය විද්‍යාව තහවුරු කළ සත්‍යක් නොව පුහු අනුමානයක් පමණි. අවම වශයෙන් ගත වුනු අවුරුදු දෙදහ තුළ කොහේ හෝ වානරයෙක් මිනිසෙකු බව පරිනාමත්වයට පත්විය කියා පුවතක් පෙන්වන්නට හැකිද?

මිනිසාගේ මැවුම් කරුවාණන් මෙසේ පවසයි: —මනුෂ්‍යයිනි නියත වශයෙන් අපි ඔබව එක් පිරිමියෙකුගෙන් හා එක් කාන්තාවකගෙන් නිර්මාණය කළෙමු. (පසුව) කෙනෙකෙ= තවත් කෙනෙකු හඳුනා ගැනීම පිණිස ඔබව ජාතීන් කුලයන් වශයෙන් පත්කළෙමු. (එබැවින් ඔබ අතුරින් කෙනෙකු තවත් කෙනෙකු වඩා උඩඟ= වීමට නොහැක). එනමුත් ඔඛෙන් කව්රුන් (අල්ලාහ්ට) බියබැතිව කටයුතු කරයිද නියතයෙන්ම ඔහු අල්ලාහ් ඉදිරියේ උතුම් පුද්ගලයාය˜ (ශ= අල්කුර්ආනය 49: 13).

මිනිසා වර්ණයෙන්, ජාතියෙන්, දේශයෙන් වෙන්වී සිටීයත් සියල්ලන් එක් මවෙකුගේ හා පියෙකුගේ දරුවන් යන සංකල්පය ලෝකයට ඉදිරිපත් කර මිනිස් චරිතය උතුම් කොට සළකනු ලැබේ. තවද එකමුතුකමට අඩිතාලම දමනු ලැබේ. වෙනත් ස්ථානයක ඔහු පවසයි: අපි මිනිසා මනාව නිර්මාණය කළෙමු. (ශ= අල්කුර්ආනය 95: 4).

ඇත්ත වශයෙන්ම අපි ආදමිගේ පුත්‍රයා (මිනිසා) ගෞරවයට පත්කළෙමු. අපි මුහුදෙහි හා ගොඩබිමෙහි සැරිසන්නට තැබුවෙමු තවද, ඔවුන්ට දැහැමි දේ සැපයුවෙමු (ශ= අල්කුර්ආනය 17: 70).

මිනිස් චරිතය ඉතා උසස් කොට සළකන ඉස්ලාම්, ඔහුට කල්පනා කිරීමේ ශක්තියක්, හොඳ නරක තෝරා බේරා බැලීම සඳහා දිව්‍යමය මග පෙන්වීමත් සමග ශාස්තෘවරු කලින් කලට අවතීර්ණ කළේය. මෙලොවෙහි පවතින සියළු දේ මිනිසා සඳහා නිර්මාණය කළ එම ස්වාමින් මිනිසාට සමහර වගකීම්ද පැවරුවේය. වෙනත් මැවීම් සේ මිනිසාට ජීවත්වෙන්නට නොහැකිය. මිනිසාගේ හැම කි්‍රයාවක් පිළිබඳම ඔහු ප්‍රශ්නකරනු ලබයි. ඒ සඳහා ඔහු එයට වගකිව යුතු වේ. ඒ සඳහා නියමිත වූ කාලය විනිශ්ච දිනයයි. ශාස්තෘවරුන්ගේ ප්‍රචාරයෙහි මූලික තේමාවවුනේ කුමක්ද? එම ශාස්තෘවරුන්ට අනාවරණය කරනු ලැබූ දිව්‍යමය ග්‍රන්ථයන්, මිනිසාගේ මතු ලොව ජීවිතය මෙම සියළු කරුණු කාරණා පිළිබඳ ඉදිරියේදි සාකච්ඡා කෙරේ.

0 comments :

Post a Comment