මිනිසාට ඇඳුමක්!

.
මිනිසාට ඇඳුමක්!



සකස්කිරීම: ඉබ්නු මන්සූර්

ඇඳුම සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස්විය හැකිය යන්න සත්‍යකි. කිතුනු මව්තුමියකගේ හෝ භික්ෂුනියකගේ හෝ ඇඳුම එකහා සමාන නොවිය හැක. නමුත් මෙම ඇඳුම් දෙකම සදාචාර සම්පන්න යැයි පැවසීම ඉතාමත් නිවැරදිය. අප මෙම ඇඳුම් සදාචාර සම්පන්න යැයි පවසන්නේ ඇයි?

අද සිදුවී හෝ සිදුවෙමින් පවතින්නේ කුමක්ද? ස්ත්‍රිය අඩුවෙන් ඇඳුම් අඳිනවිට ආගමික නායකයින් ඇතුළු සමාජයේ බහුතරය මුනිවත රකිති. මෙම භයානක නිහැඬියාව අපට හඬ නගා පවසන්නේ කුමක්ද? මුළු මහත් සමාජ ව්‍යුහයම සදාචාර සෝදාපාලුවකට ලක්වී ඇති බව නොවේද? රණස්ගල්ලේ හිමියන් රචිත ‘ලෝකෝපකාරයෙහි’ එන “ඔවාදෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට” යන වදන අනුව වර්තමාන සමාජ නායකත්වය අන් අයට යහ ඔවදන් නොදී, ඔවුන්ව සදාචාරයේ මගට නොකැඳවා ඉන්නේ තමා සම්මතයේ නොමැති නිසාද?

වැඩි විස්තර සඳහා ……..

මිනිසාට ඇඳුමක්!

සත්ව ලෝකයේ ඇඳුම් අඳින්නේ මිනිසා පමණි. මිනිසා සහ සත්ව ලෝකයේ අනිකුත් සතුන් අතර ඇති වෙනස්කම් අතුරින් ප්‍රධාන එක් වෙනස්කමක් ලෙස මෙය සැලකිය හැකිය. අප පමණක් මෙසේ කරන්නේ ඇයිද කියන ප්‍රශ්නයට ලැබිය හැකි නිවැරදිම පිළිතුර වන්නේ මිනිසාට පමණක් උරුමවූ ලැජ්ජ බය මත පදනම්වූ සදාචාරය යැයි පැවසීම ඉතාමත් නිවැරදිය. එමනිසා ඇඳුම සදාචාරය හා බැඳුනු ක්‍රියාවක් ලෙස අපට ඔප්පුවන ක්‍රියාවකි. සදාචාරය හා බැඳීමක් නොමැතිකෙනාට ඇඳුම් පිලිබඳ ගැටළුවක් බොහෝවිට නොමැති අතර ඇඳුමේ ප්‍රමාණය අඩුවෙන තරමට හෝ ඇඳුම් නොමැතිවීම හෝ හොඳ යැයි සිතීමට ඉඩ ඇත. අප යහ මිනිසුන් යැයි හඳුන්වන්නේ සදාචාර සම්පන්න අයට යැයි පැවසීම ලොව ඕනෑම සමාජයක් පිළිගන්නා යථාර්තයකි. සදාචාරය සෑම දහමකම මුලික පදනම ලෙස සැලකිය හැක.

ඇඳුම සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස්විය හැකිය යන්න සත්‍යකි. කිතුනු මව්තුමියකගේ හෝ භික්ෂුනියකගේ හෝ ඇඳුම එකහා සමාන නොවිය හැක. නමුත් මෙම ඇඳුම් දෙකම සදාචාර සම්පන්න යැයි පැවසීම ඉතාමත් නිවැරදිය. අප මෙම ඇඳුම් සදාචාර සම්පන්න යැයි පවසන්නේ ඇයි? පිරිමෙයෙකුට මෙම දෙදෙනා දෙස බලන්නට සිදුවුවහොත් ඔහුගේ සිතේ ඇතිවන්නේ කුමන ආකාරයේ හැඟීම්ද? සත්‍ය වශයෙන්ම ලිංගික හැඟීම් ඇතිවීමට ඉඩක් තිබේද? දෙදෙනාම ස්ත්‍රීන්. නමුත් මෙම ස්ත්‍රීන් දෙදෙනා දෙස බලා තම සිතේ ලිංගික උත්තේජනයක් ඇතිනොවීමට ප්‍රධාන හේතුව කුමක්ද? තම හෘදසාක්ෂියට එකඟව පැවසිය හැකි එකම සත්‍ය වන්නේ ඔවුන්ගේ සිරුර වැසෙන පරිදි ඇඳ ඇති ඇඳුම බව නොවේද? එම ඇඳුම දෙස බලනවිටම ඇතිවන්නේ ගොව්රවයක් නොවේද. එසේනම් තමන්ගේ මව, බිරිඳ, දියණිය, සහෝදරිය හෝ ඕනෑම ස්ත්‍රියක් මහමග අන් පිරිමින්ගේ සිත් අනවශ්‍ය ලෙසට නොසන්සුන් නොකොට හා එම අයගේ සිත්තුල ලිංගික හැඟීම් ඇති නොකොට සිටීමට නම් ඔවුන්ගේ ඇඳුම් සංවර වියයුතු බව අප පිළිගත යුතු නොවන්නේද?

අද සිදුවී හෝ සිදුවෙමින් පවතින්නේ කුමක්ද? ස්ත්‍රිය අඩුවෙන් ඇඳුම් අඳිනවිට ආගමික නායකයින් ඇතුළු සමාජයේ බහුතරය මුනිවත රකිති. මෙම භයානක නිහැඬියාව අපට හඬ නගා පවසන්නේ කුමක්ද? මුළු මහත් සමාජ ව්‍යුහයම සදාචාර සෝදාපාලුවකට ලක්වී ඇති බව නොවේද? රණස්ගල්ලේ හිමියන් රචිත ‘ලෝකෝපකාරයෙහි’ එන “ඔවාදෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට” යන වදන අනුව වර්තමාන සමාජ නායකත්වය අන් අයට යහ ඔවදන් නොදී, ඔවුන්ව සදාචාරයේ මගට නොකැඳවා ඉන්නේ තමා සම්මතයේ නොමැති නිසාද? වඩාත් අදහාගත නොහැකි කරුණ බවට පත්වී ඇත්තේ ස්ත්‍රියක් තමන්ගේ සංස්කෘතිය අනුව සදාචාර සම්පන්න ලෙස ඇඳුම් ඇඳගෙන සමාජගත වනවිට මතුකරන්නාවූ අවලාදයන් ගැනය. මෙවන් සදාචාර විරෝදී හඬ දහමක නමින් එනවිට මුළු සමාජයම පත්වන්නේ කුමන තත්වයකටද? අසංවරකම ප්‍රගුණ කරන්නට දරන්නාවූ වැයමක් ලෙස මෙය හඳුන්වාදිය නොහැකිද? දරුවන් ඇති යහ දෙමව්පියන් මේ පිළිබඳව දක්වන ප්‍රතිචාරය කුමක්ද? කාගෙවත් සැඟවුණු න්‍යාය පත්තරේකට අනුව හෝ තවත් ශ්‍රී ලාංකික ජනවාර්ගික කොටසක් කෙරෙහි ඇති තමන්ගේ පදනම් විරිහිත වෛරය නිසා හෝ, යහ චින්තනයකින් තොරව සමාජ සදාචාරය පිරිහෙන පැත්තකට දිරිදෙන අයුරින් කටයුතු නොකළ යුතුයි කියා ඉතා නිහතමානීව අපි ඉල්ලා සිටින්නෙමු. නුතන වාණිජ සමාජය විසින් ස්ත්‍රීයව වෙළෙඳ භාන්ඩයක් බවට පත්කරතිබීම ගැන කිසිම හඬක් ඇසෙන්නේ නැත. ශරීරයෙන් 5% ක් පමණ වසාගත්තු තරුණියන්ගේ රාගය දනවන රූප රාමු වෙළෙඳ දැන්වීම්වලට යෙදීම ගැන දහම් ගැන කථා කරන්නන් මුනිවත රකිමින් රහසිගත වින්ඳනයක යෙදී සිටින්නේද කියා අසන්නට තරම් කාරණයක් බවට පත්වී ඇත. කසාය බිව්ව ගොළුවා වගේ මෙම උදවිය කටයුතු කරන්නේ ඇයි. මෙවන් රූප රාමු වලට තම මව, බිරිඳ, සහෝදරිය හෝ දියණිය ඉදිරිපත් කරන්නට අපි අකැමැති වන්නෙමු. අවාසනාවට, පිටස්තර ස්ත්‍රීන්ගේ කාමුක දර්ශන දෙස බලා මානසික වශයෙන් රෝගී වින්දනයක් ලබාගන්නට සමහරුන් හුරුවී ඇති අතර මෙම රෝගයේම කොටසක් ලෙසින් තම ශරීරය සදාචාර සම්පන්නලෙස වසාගන්නාවූ ස්ත්‍රීන්ට අවලාද නගන්නටද හුරුවී සිටිත්. සාරධර්ම හා සදාචාරයෙන් යුත් සමාජයක් ගොඩනැගීම සඳහාවූ ඉස්ලාමීය ඉගැන්වීම් ගැන විරුද්ධත්වය පාමින් ස්ත්‍රී අයිතිවාසිකම් ගැන කතාකරන්නන්ගේ සැඟවුණු අරමුණු කුමක්ද කියා දැන් පැහැදිළි වී ඇතැයි සිතන්නෙමු.

පිරිමියෙකුට තම පෙකනියේ සිට දණහිස වැසෙන පරිදි ඇඳුමක් ඇඳීම සදාචාර විරෝදී ක්‍රියාවක් ලෙස කිසිවෙක් දකීවී කියා අපි නොසිතන්නෙමු. නමුත් එම ඇඳුම ස්ත්‍රියකට කෙසේනම් සුදුසු විය හැකිද? මෙයින් පෙනෙන්නේ ස්ත්‍රී පිරිමි දෙකොටසේම ඇඳුම් සමවියහැකි නොහැකි බව නොවේද? නුතන මනෝවිද්‍යාව අපට උගන්වන්නේ පුරුෂයින්ට හා ස්ත්‍රීන්ට ලිංගික උත්තේජනය සිදුවන ආකාරයේ වෙනසක් ඇති බවය. අඩු ඇඳුමින් සැරසුණු පිරිමියෙකු දැකීමෙන් ස්ත්‍රියකගේ මනසේ ලිංගික පිබිදීමක් ඇතිවන්නේ ඉතාමත්ම අල්ප වශයෙන් බවත් ස්පර්ශය තුලින් ඇගේ හැඟීම් අවදිවීම ඉතා අධිකව සිදුවන්නක් බවත් මනෝවිද්‍යා සොයාගැනීමෙන් තොරවවුවත් අප අත්දකිනා සත්‍ය කරුණකි. අනිත් අතින් අඩු ඇඳුමින් සැරසුණු ස්ත්‍රියකගේ ශරීරය දැකීමෙන් පිරිමියෙකුගේ සිතතුළ ඇතිවන රාගික හැඟීම් ඉතාමත්ම අධික බවත් අප දන්නා සත්‍යයකි. නැවත වරක් අප පැවසිය යුතුව ඇත්තේ තමන්ගේ මව, බිරිඳ, දියණිය හෝ සොයුරිය මහමග බහුතරයකගේ රාගික හැඟීම් ඇවිස්සීමේ ආධාරකයක් බවට පත්වීම සදාචාර සම්පන්න කිසිම පිරිමියෙක් අනුමත කරන ක්‍රියාවක් නොවන බවය. නමුත් පිටස්තර ස්ත්‍රීන් එසේ තමන්ගේ රාගය ඇතිකරවන භාන්ඩයක් බවට පත්වීම අපේක්ෂාකරන පිරිමින්ද අප සමාජයේ දක්නට ලැබෙන පොදු ලක්ෂණයක් බව පවසිය යුතුව ඇත. මෙවන් රෑ දනියෙල් දවල් මිගෙල් චරිත නිසා ඇතිවී ඇති හානිය ඉමහත්ය. මනසේ මවාගත්තු හරයක් නැති මතවාදයන් ඉදිරිපත්කරමින් සමාජය නොමඟ යවන්නට යමෙක් කටයුතු කරයිනම් එය ඉතාමත්ම පහත් මෙලෙච්ච ක්‍රියාවකි.

මුස්ලිම් කාන්තාව තම ශරීරය හොඳින් වැසෙන පරිදි ඇඳුම් අඳින්නේ පිරිමින්ගේ බලපෑම් නිසා බවටද මතයක් ඇත. මෙය පැහැදිළි කිරීමක් අවශ්‍ය නොවන ඉතාමත්ම බොළඳ හා අර්ථ විරහිත අදහසකි. සදාචාර සම්පන්න ස්ත්‍රිය නිරන්තයෙන් උත්සාහකරන්නේ ලැජ්ජ බය ඇතිව යහ අයුරින් ඇඳුම් අඳින්නටය. තම ශරීරය හොඳින් වැසෙන්නට ඇඳුම් අඳින ස්ත්‍රියගේ මනස තුලත් ඇතිවන්නේ ලැජ්ජ බය මුසුවූ තමාගේ චරිතයේ පිරිසිදු භාවය පිලිබඳ හැඟීම්ය. තම ශරීරය හැකි තරම් විවෘතව තබා ගන්නට වෙර දරන අයගේ මනසේ ඇත්තේ මෙයට හාත්පසින්ම වෙනස්වූ තත්වයකි. තම ශරීරය විවෘතව තබා ගැනීමෙන් පිටස්තර දන්නා හා නොදන්නා පිරිමින්ගේ අනවශ්‍ය අවධානයට තමා ලක්වන අතර ඔවුන්ගේ ලිංගික අභිලාෂයන්ගේ ඉලක්කයක් බවටද පත්වීම වලක්වාගත නොහැකි කරුණක් වනු ඇත. මහමග පිරිමින්ගේ ආශාව පිරුණු තමා වෙත යොමුවන දෙනෙතින් යහ ස්ත්‍රීන් පත්වන්නේ ඉතාමත් අසීරු තත්ත්වයකටය. මෙවන් අනවශ්‍ය අවදානයකට වැඩිපුරම ලක්වන්නේ ශරීරය හොඳින් වසාගත්තු ස්ත්‍රීන්ද නැතිනම් අඩනිරුවතින් ශරීරයටම ඇලෙන පරිදි ඇඳුම් ඇඳගෙන මහ මග සැරිසරන ස්ත්‍රීන්ද? වැඩි අවදානය යොමුවන්නේ අඩනිරුවත් ස්ත්‍රීන් කෙරෙහි බව කිසිම සැකයක් නොමැත. මෙවැනි තත්වයන් නිසා ස්වභාවයෙන්ම ශාරීරිකව දුර්වල ස්ත්‍රිය බොහෝවිට ලිංගික බලහත්කාරකම් වලට ලක්විය හැකි ඉඩකඩ ඉතාමත්ම බහුලය. අශ්වයා පැනගියාට පසු ඉස්තාලය වසාතැබීමෙන් ඇති ඵළය කුමක්ද? හානියක් වන්නට පෙර නිසි පියවර ගැනීම වැදගත්බව මෙයින් පැහැදිළි නොවන්නේද?

0 comments :

Post a Comment